ඉලක්ක කඩාගෙන උද්ධමනය ඉහළට – මහ බැංකුවෙන් අනාවැකි

563

ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය නුදුරු කාලීනව ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි. ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව බදු සංශෝධනය සහ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් මෙසේ උද්ධමනය නුදුරු කාලීනව අපේක්‍ෂිත මට්ටම ඉක්මවා ඉහළ යනු ඇත.

එසේ ඉහළ ගිය ද මැදිකාලීනව උද්ධමනය සියයට 5ක ඉලක්ක ගත මට්ටම ආසන්නයේ ස්ථායි වනු ඇති බව ද මහ බැංකුව පවසයි.

ආර්ථිකයේ අඩු ඉල්ලුම් තත්ත්වය නිසා නුදුරු කාලයේදී උද්ධමනයේ ඉහළ යෑම අඛණ්ඩව සිදු නොවනු ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

ඉකුත් ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment