9 වසරේ ඉගෙනුම ලබන තණමල්විල අකිල සාපෙළ ලියා A – 9 ක් ගනී

514

මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙකු වීමයි – අකිල පුතා දිවයිනට කියයි

තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී විෂයන් නවයටම ඒ සාමාර්ථයන් ලබාගෙන ඇත.

මෙලෙස ඒ සාමාර්ථ නවයක් ලබාගෙන ඇත්තේ තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම්. අකිල ජයලංකා විජේතුංග නමැති ශිෂ්‍යයායි.

අකිලට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත් වීමට තිබුණේ 2024 වර්ෂයේදීය.

එසේ තිබියදී විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

අකිලගේ පියා වන ඩබ්ලිව්. ආර්. එම්. සරත් විජේතුංග යුදහමුදා සෙබලෙකු වන අතර මව වන නිලන්ති මංගලිකා සමරසිංහ ගෘහණියකි.

ඔහුට වැඩිමහල් සහෝදරයෙක් පමණක් සිටී.

අකිලගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වී තණමල්විල වැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට සේවය කිරීමයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment