සිපෙට්කෝත් තෙල් නැග්ගුවොත් බස්ගාස්තු ඉහළ දානවා…. ගැමුණු විජේරත්න කියයි

121

ඉන්දියන් තෙල් වැඩි කළාට බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ලංකා ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන ගාස්තු වැඩි කළොත් අනිවාර්යයෙන්ම බස් ගාස්තු වැඩි කරනවා. යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (22 දා) පැවැසීය.

දැනටමත් පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යනුයේ ඉතා අපහසුවෙන් බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

තෙල් මිල කොපමණ ප‍්‍රමාණයකින් වැඩි වෙනවාද? ඒ මිල වැඩිවෙන ප‍්‍රමාණය අනුව බස්ගාස්තු වැඩි කරනවා. කරන්න දෙයක් නැහැ. පෞද්ගලික බස් කර්මාන්තය අද වෙන කොට බිංදුවටම වැටිලයි තියෙන්නේ. අමතර කොටස් මිල එකකට එකක් වැඩියි. ටයර් මිල අධිකයි.

ඒ වගේම බස්වල වැඩ කරන්න සේවකයෝ නැහැ. ලීසිං ගෙවාගන්න අපහසුතාවයෙන් ඉන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment