ඊයේ සිට උපදින දරුවන්ගේ උප්පැන්නයට ජාතික හැඳුනුම්පත් අංකයක්

159

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට ලබාදෙන උප්පැන්න සහතිකයේ දරුවාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර ඇත.

 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තොරතුරු හුවමාරුකර ගනිමින් මෙය සිදුකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

 මෙම වැඩසටහන ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ඊයේ (01දා) සිට ක්‍රියාත්මක කළ බවද ඔහු කීවේය.

 මෙම උප්පැන්න සහතිකය ලබාගත් සියලුම පුරවැසියන් අවුරුදු 15 ට එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන ඉල්ලීමකදී ඉහත අංකය යටතේ හැඳුනුම්පත

 ලබාගැනීමට හැකිවේ.

 මෙම ක්‍රමවේදය තුළින් පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීම්දී උපතේ සිට සියලුම කාර්යය සඳහා එකම අනන්‍යතා අංකයක් භාවිතා වන බැවින් අධ්‍යාපන, සෞඛ්‍ය, මූල්‍යමය හා සමාජමය තොරතුරු ඉතා පහසුවෙන් ගබඩාකර ගැනීමටද රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට හැකියාව ලැබේ.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment