නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙනවා – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

337

රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීයග ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡුා කෙරිණි.

වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප‍්‍රබල ගැටලූවක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැවසුවේ ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළද ක‍්‍රමවත් කළ යුතු බවයිග අධ්‍යාපන පීඨ විශ්වවිසාල බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සූම් තාක්‍ෂණය ඔස්සේ කාරක සභාව හා සම්බන්ධ වෙමින් පැවැසීයග එමෙන්ම වර්තමානය වන විට ඉංගී‍්‍රසි භාෂාව මෙරට අධ්‍යයන භාෂාව බවට පත්වෙමින් පැවතීම සම්බන්ධවද හෙතෙම කාරක සභාවේ අවධානය යොමු කළේය.

ශී‍්‍ර ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන තාක්‍ෂණික කමිටුවේ වාර්තාව සති 2 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා :10 දා* අනාවරණය වියග නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනා වියග ළමා අයිතිවාසිකම් සම්බන්ධවද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරිනි අමරසූරිය මෙනවිය සූම් තාක්‍ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙමින් පැවසුවායග

පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ඡුා වියග උපාධිධාරීන් 60000 න්ල 18000 ක් දැනට පාසල්වලට අනියුක්ත කර තිබෙන අතර ඔවුන් ස්ථිර කිරීමට මේ වන විට යෝජනා වී ඇති ක‍්‍රමවේදය ගැටලූ සහගත බවද මන්තී‍්‍රවරු කාරක සභාවට පෙන්වා දුන්හග මේ වන විට පාසල්වලට අනියුක්ත කර ඇති ඇතැම් උපාධිධාරීන් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බවද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය.

ගුරුවරුන්ගේ අභිමානය සුරැුකීමටද නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.

ජාතික පාසල් 1000 ක් ඇති කිරීමේ ව්‍යාපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡුා වියග ඒ සඳහා කටයුතු කර ඒ පිළිබඳව කාරක සභාවට පැහැදිලි කරන ලෙස කාරක සභවේ සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට දැන්වීය.


අකිත පෙරේරාල රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment