දැරිය තරුණියක් කළ තරුණයා පොලිස් ගැටේ හිරවෙලා

1091

වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කිරීමේ චෝදනාව මත සැකකරුවකු දින තුනක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිසිය සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. මුහුණු පොත ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක්

ගොඩනගා ගැනීමෙන් අනතුරුව දින දෙකක් ගත වීමට මත්තෙන් මෙම බාලවයස්කාර දැරිය සැකකාර තරුණයා සමග පැනගොස් තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වේ.

මෙසේ පැනගිය බාලවයස්කාර දැරිය සහ තරුණයා එදින රැය පහන් වන තුරුම පානදුර ප්‍රදේශයේ වැටකෙයියා පඳුරක් තුළ කාලය ගත කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

දියණිය අතුරුදන්ව ඇති බවට ඇගේ මව විසින් වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබූ අතර දින දෙකකට පසු දැරිය නැවතත් නිවසට පැමිණ ඇත. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් සහ නියෝග මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා සකුනි මෙනවිය පොලිස් උපාය දූතිකාවක ලෙස යෙදවීමට කටයුතු කෙරිණි. අනතුරුව උප පොලිස් පරීක් ශිකා සකුණි මෙනවිය විසින් සැකකරුගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඉතා සූක්ෂම අයුරින් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව දින තුනක් පෙම්වතුන් ලෙස දුරකථනයෙන් කතාබහ කිරීමෙන් අනතුරුව දෙදෙනා ගම්පහ බස් නැවතුම් පළේ දී හමුවීමට කථිකා කර ගෙන තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු පිරිසක් විසින් සැකකරු ගම්පහ බස් නැවතුම්පළේ දී ඉකුත් විසි 22 වැනිදා අත්අඩංගුවට

ගැනිණි. සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් සහ නියෝග මත උ. පො. ප. ප්‍රියංක (1881), කා. පො. කො. තුෂාරි (7810), කා. පො. කො සකුනි (24942), පො. කො. සංජීව යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment