දහතුනේ දැරිය ගැබිනියක කළ පනස්දෙකේ පෙම්වතා මාට්ටු

225

වයස අවුරුදු 13 ක බාලවයස්කාර පාසල් දැරියක්, ගැබිනියක් බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයකු පෙරේදා (20 දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

ළමා ආරක්ෂක අධිකාරිය මගින් ලැබුණු පණිවුඩයකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රළපනාව, නවගත්තේගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කිහිප අවස්ථාවකදීම මෙම බාලවයස්කාර දැරියගෙන් පෙම් සබඳතාවක් ඇරැඹීමට ඇරයුම් කර ඇති බව පොලිසිය කියයි. 2023 ජනවාරි මස දිනක දී රාත්‍රී 10 ට පමණ දැරිය නිදා සිටි කාමරයට ඇතුළු වී ඇති සැකකරු, තමාගේ මුහුණ වසා නිවෙස පිටුපසට රැගෙන ගොස් අතවරයට ලක්කර පසුව එය කිසිවෙකුටත් නොකියන ලෙසට පවසා ඇති බවද සිදුකළ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි. දැරිය ගැබිනියක් බවට පත්ව ඇති බව දෙමව්පියන් දැන ගැනීමෙන් අනතුරුව කළ විමසීමකදී, දැරිය අදාළ සිදුවීම මවට පවසා ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (21දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment