කල්මුණේ ළමා නිවාසයේ 17 හැවිරිදි දරුවාට පොලුවලින් පහරදී මරා දමලා

889

පාලිකාව අත්අඩංගුවට

කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසුවන පාලිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කල්මුණේ ළමා නිවාසයේ 17 හැවිරිදි දරුවාට පොලුවලින් පහරදී මරා දමලා

මෙසේ ඝාතනය කර ඇත්තේ මඩකලපුව කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි ඒ. ටී. දර්ශන නමැති ළමයෙකි.

හොරකමකට සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගයක් අනුව මෙම ළමයා කල්මුණේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ රඳවා තබා සිට ඇතැයි පොලිසිය කියයි.

මෙම ළමයාගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමට යැයි කියා පොලුවලින් පහර දී තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment