උතුරු ඉන්දියාවේ නායයෑමකින් 13 දෙනෙක් මරුට

133

උතුරු ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ කින්නවුර් ප‍්‍රදේශයේ පෙරේදා (11දා* සිදු වූ දරුණු නායයාමක් හේතුවෙන් කඩා වැටුණු පස් තට්ටුවලට යට වීමෙන් පුද්ගලයන් 13 දෙනකු මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බව ඉන්දීය බලධාරීහු පවසති.

 කඩා වැටුණු පස් තට්ටුවලට මගී බස් රථයක්, ට‍්‍රක් රථයක් හා වාහන කිහිපයක් ඒවායේ සිටි මගීන්ද සමග යට වී තිබේ. ප‍්‍රදේශයේ ආපදාවට පත්වූවන් බේරා ගැනීමේ කටයුතු පැය 24 පුරා ක‍්‍රියාත්මක කිරීමට සහන සේවකයන් විසින් පියවර ගෙන ඇතත් ප‍්‍රදේශයේ කඳුවලින් තවත් ගල් හා පස් තට්ටු මාර්ගයට කඩා වැටීම නිසා එම කටයුතුවලට බාධා පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment