යාපනයේ රන් භාණ්ඩ අලෙවි සලක හිමිකරු සහ සේවිකාවකගේ මෘත දේහ සොයා ගැනේ

81

යාපනය නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සලක හිමිකරුවකුගේ හා එහි සේවය කළ සේවිකාවකගේ මෘත දේහ ඔවුන්ගේ නිවෙස් වල තිබී සොයා ගත් බව යාපනය පොලිසිය පවසයි.

ඒ අනුව අදාල ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා සිය නිවෙස තුළ ගෙල වැලලා ගෙන මිය ගොස් සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් කොළඹ ප්‍රදේශසේ පදිංචිව සිට තිබේ. මෙහිදී ඒ අයුරින් මිය ගොස් සිට ඇත්තේ වයස අවුරුදු 44 ක් පමණ වන නඩරාසා ගජෙන්ද්‍රන් නැමැති අයෙකි එමෙන්ම අදාල වෙළඳ සලේ සේවය කළ 21 හැවිරිදි තරුණියකගේද සිරුරක් එදිනම ඇගේ නිවෙස තුළ තිබියදී යාපනය පෙලිසිය සොයා ගෙන තිබේ. ඇය, මාන්පිඩ්ඩි, නාවන්තුරෙ ප්‍රදේශයේ පදිංචි සෙල්වාරාසා නිලක්ෂණා නැමති තරුණියකි

කෙසේ වෙතත් අදාල මෘත දේහ දෙකම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය ශිපක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරණු ලබයි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප් සහ දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment