පාපන්දු නිලවරණ කමිටුව පත් කරයි – නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා

68

දැනට ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා තිදෙනකුගෙන් යුත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීම කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (14 වැනිදා ) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය විය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්.මජීඩ්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික ජනරාල් උපාලි ගුණසේකර යන මහත්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වේ.

නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ සවස සිට විවෘත වූ අතර නාම යෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා ප.ව. 3.00 ට අවසන් අවසන් වීමට නියමිතය.

2022-09-22 වැනිදා සම්මත කර ගන්නා ලද නව ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් 29 වැනිදා නිලවරණය පැවැත්වීමට ඊයේ එකඟතාවය පල වුණි.

නාම යෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස පළමු වැනිදා සිට තුන් වැනිදා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම 4 වැනිදා සිදු කෙරේ.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලැයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment