ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටත් වෙයි

179

2023 නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (15 වැනිදා) හංගේරියාවේ බුඩාෆෙස්ට් බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 6ක් සහ ක්‍රීඩිකාවක් ඒ සඳහා සහභාගි වීමට නියමිතව සිටිති.

එම කණ්ඩායමේ නායකත්වය මීටර් 400 ධාවන ශූර කාලිංග කුමාරගේ ට හිමි වී ඇත.

මෙවර තරගාවලිය සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2087 දෙනෙක් සහභාගි වීමට නියමිත අතර තරගාවලිය ලබන 19-27 දින දක්වා පැවැත්වේ.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටි කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ මැදි දුර ධාවන ශූරී ගයන්තිකා අබේරත්න ඉදිරි ආසියානු තරගාවලි ඉලක්ක කරගෙන මෙම ශූරතාවලියට සහභාගි වීමෙන් වැළකී සිටිති.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

කාලිංග කුමාරගේ, පබසර නිකු, අරුණ දර්ශන, දිනූක දේශාන්, පසිඳු කොඩිකාර, අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා (මීටර් 400 සහය දිවීම) සහ දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම) යන ඉසව්වලින් තරගාවලියට සහභාගි වෙති.

අජිත නාරගල කණ්ඩායමේ කළමනාකරු ලෙස එක් වන අතර හර්ජන් රත්නායක කණ්ඩායමේ පුහුණුකරු ලෙසද අයිරාංගනී රූපසිංහ කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස ද තරගාවලියට එක්වෙති.

එම කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සහ ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුන් සමග ඡායාරූපයකට එක්ව සිටි අයුරු මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment