අනුශූරතාවය දිනූ රෝද පුටු කණ්ඩායම එයි

78

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දෙවන ආසියානු කුසලාන රෝද පුටු ක්‍රිකට් තරගාවලියේදී අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (10 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔවුන් නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ පුහුණුකරු ඇතුළත් වී සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment