මයිලෝ කුසලාන පාසල් පිහිනුම් හා කිමිදුම් තරගාවලිය 23 වැනි දා සිට

72

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මයිලෝ කුසලාන පාසල් පිහිනුම් හා කිමිදුම් තරගාවලිය ලබන 23 වැනි දින සිට 27 තෙක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී පැවැත්වෙයි.

දින පහක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වයස් කාණ්ඩය 06 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික ප්‍රමාණයක් පාසැල් 252ක් නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත බව ඒ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

මෙම පිහිනුම් තරගාවලිය 48 වැනි වරට පැවැත්වෙන අතර, නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන 29 වැනි තරගාවලිය ලෙස මෙම තරගාවලිය සැලකේ.

මාධ්‍ය දැනුවත් කිරීම සඳහා නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා, රුවන් වැලිකල මහතා මෙන්ම ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සභාපති චාන්දනී උඩුකුඹුර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment