උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

188

හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. මෙම හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කර ඇත. දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය සහ පොඩි මැණිකේ දුම්රිය අද දිනයේ ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි .

advertistmentadvertistment
advertistmentadvertistment