රටේ පුරවැසියන්ට විවාහවීමේ නිදහස සීමා කිරීම හාස්‍යයට කරුණක්

371

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය

 රටේ පුරවැසියන්ට විවාහවීමට ඇති නිදහසට සීමා පැනවීම හාස්‍යජනක මෙන්ම පිළිකුල් සහගත කි‍්‍රයාවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පවසයි.

 නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරිය මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී.

 ශී‍්‍ර ලංකා පුරවැසියෙකු විදේශිකයෙක් විවාහ කරගන්නේ නම් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබාගත යුතු බවට රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි කියන චක‍්‍රලේඛය රටේ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම එය රටේ ප‍්‍රතිරූපයට නිඟා දෙන්නක් ලෙසද සැලකිය හැකිය. ශිෂ්ඨසම්පන්න රාජ්‍යයක් කිසි විටෙක පුරවැසියාගේ අතිශය පෞද්ගලික නිදහසට නීති පනවන්නේ නැත. රාජ්‍ය පාලනය යනු විiාත්මක දර්ශනයක් මත පිහිටා සිදුකළ යුත්තක් මිසක කුටුම්භයන්හි සාමාන්‍ය පැවැත්මට නීති පනවන කි‍්‍රයාකාරීත්වයක් නොවේ. ශී‍්‍ර ලංකාව විවාහ වීමේ නිදහසට අදාළව පනවා ඇති මෙම නව සීමා කිරීම ශී‍්‍ර ලාංකික පුරවැසියන්ට දෙයාකාරයකින් සැලකීමට පදනම දැමීමකි. සත්‍ය වශයෙන්ම එය පුද්ගල නිදහසෙහි පිහිටා කටයුතු කරන එක් පිරිසකට අදාළව වෙනස්කොට සැලකීමට ගත් පියවරක් ලෙසද සැලකිය හැකිය. ඒ අනුව එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට හිිමිකර දී ඇති මූලික අයිතිවාසිකමක් අමු අමුවේම උල්ලංඝනය කිරීමට ගත් පියවරක් ද වනු ඇත.

 එවැනි අශීලාචාර සීමාකිරීම් සිදුකරන බවට වාර්තා වන්නේ ඒකාධිපති රාජ්‍ය පාලනයන් වෙතින් පමණකි. ශිෂ්ටසම්පන්න රාජ්‍යයකින් එවැන්නක් කිසිසේත්ම අපේක්‍ෂා කළ නොහැකිය. ඒ අනුව රජයේ මෙම සීමා කිරීම ඉතාමත්ම පිළිකුල් සහගතය. විශේෂයෙන්ම විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවීම සඳහා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට තම බලය උපරිම අන්දමින් යොදාගත් පාලනයන් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සදාචාරසම්පන්න නොවේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයේ මෙම තීරණය දැඩි ලෙස හෙළාදකින අතර රටේ ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් පුරවැසි නිදහස ආරක්‍ෂා කර ගැනීමට පියවර ගනු විනා ශී‍්‍ර ලංකාව බාහිර සමාජයේ හාස්‍යයට ලක්වන රාජ්‍යයක් බවට පත්නොකරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment