උ. පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ප්‍රමාදයෙන්අධ්‍යාපන පද්ධතියම අසමතුලිත වෙලා!

156
  • විභාග කොමසාරිස් ජනරාල්

පසුගියදා පැවති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට මාස දෙකක් තිස්සේ නොහැකිවීම නිසා එම සිසුන් හා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුලිත තත්ත්වයට පත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

එම නිසා තවදුරටත් ප්‍රමාද නොකර ජාතික කර්තව්‍යයක් ලෙස සලකා පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට සහාය අපේක්‍ෂා කරන බව ඒ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටී.

2022 උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 වැනිදා තෙක් පැවැත්වූ බවත්, මේ වන විට විභාගය පවත්වා මාස දෙකකට ආසන්න වී ඇතත් මෙතෙක් පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment