යුද හමුදාවෙන් හැව්ලොක්ස්ට ප්‍රබල අභියෝගයක් – ලීග් රග්බී තරගාවලිය

94

ශ්‍රී ලංකා රග්බී පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ රග්බී තරගාවලියේ තෙවන සතියේ ජයග්‍රහණ සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට හැව්ලොක්ස් සමාජය, සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. සමාජය, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සමාජය සහ මහනුවර සමාජය සමත් විය.

මෙම සති අන්තයේ පැවති තරග අතරේ රග්බී පාපන්දු ලෝලීන්ගේ සුවිශේෂ අවධානය දිනා ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර තරගය හැඳින්විය හැකිය. ඉකුත් වර අනු ශූරයන් වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදා ක්‍රීඩකයන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ද ලකුණු 02 ක තියුණු ජයග්‍රහණය ක් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට හිමි විය.

ඊයේ (17) නිත්තවෙල ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු සිව් වැනි තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 14 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණේ තම අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගනිමිනි.
හැව්ලොක්ස් 43 යුද හමුදාව 41
සී.එච්.ඇන්ඩ් එෆ්.සී. 34 නාවික හමුදාව 14
සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. 29 ගුවන් හමුදාව 05
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment