මියගිය හමාස් අන්තවාදියෙකුගේ සිරුරේ තිබී රසායන අවි නිපදවීම පිළිබඳ උපදෙස් මාලාවක් හමුවුණා – ඊශ්‍රායල ජනාධිපති කියයි

709

ඊශ්‍රායලයට පහර දීම සඳහා පැමිණ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය හමාස් අන්තවාදියෙකුගේ සිරුරේ තිබී රසායන අවි නිපදවීම සඳහා වන උපදෙස් මාලාවක් හමු වූ බව ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර් සොග් එංගලන්තයේ ස්කයි ප්‍රවෘත්ති සේවය සමග පැවැති සම්මුඛ සාකච්ජාවකදී පවසා තිබේ. මෙම උපදෙස් මාලාව ඊශ්‍රායලයේ කිබුට්ස් බේරී ප්‍රදේශයේදී මියගිය හමාස් අන්තවාදියෙකුගේ සිරුරේ තිබී හමු වූ පරිගණක දත්ත ගබඩා කර තබන උපාංගයක තිබී හමුවූ බව පවසා ඇති ඊශ්‍රායල ජනාධිපතිවරයා එම උපාංගය අල් ක්වයිදා සංවිධානයට අයත් එකක් බවත් උපාංගයේ අන්තර් ගත උපදෙස් මාලාවේ රසායන අවි නිපදවන ආකාරය පිළිබඳවත් සයනයිඩ් අවියක් ලෙස භාවිත කරන ආකාරය පිළිබඳවත් සඳහන්ව තිබූ බව සඳහන් කර තිබේ.

අදාළ උපදෙස් මාලාවේ ගිනි තැබීම ගැනත් දැනට භාවිතයේ පවතින විවිධ රසායන ද්‍රව්‍ය හා ඒවා යොදාගෙන රසායන අවි නිපදවන ආකාරය ගැන සඳහන් කර තිබුණා. මෙහිදී අපිට අල් ක්වයිදා, අයිසිස් මෙන්ම හමාස් සංවිධානවලට එරෙහිව ක්‍රියා කිරීමට සිදුව තිබෙනවා යයි ඊශ්‍රායල ජනාධිපතිවරයා වැඩිදුරත් සඳහන් කර තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment