ලෝක පැරා ශූරතා තරගාවලියේ පදක්කම් දිනූ දිනේෂ් සහ සමිත දිවයිනට

83

ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් ජයග්්‍රහණය කළ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයෝ දෙදෙනා ඊයේ (19 වැනිදා) උදෑසන යළි දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය පසුගිය 07 වැනිදා සිට 17 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර රටවල් 106 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

මෙම තරගාවලියේ දී එෆ්.46 කාණ්ඩය යටතේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ එෆ්. 44 කාණ්ඩය යටතේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් සමිත දුලාන් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා, ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් ඇතුළු එම කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment