තවදුරටත් වැසි

100

දිවයිනේ නිරිත දිග කොටසට මේ වනවිට පවතින වැසි තත්ත්වය තවදුරටත් අද දිනයෙත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (28 දා) සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් අද (29 දා) මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත්, උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කීපයකට ද සවස් කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං තත්ත්වයෙන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment