එංගලන්තයේ නිවෙස්වල මිය යන සංඛ්‍යාව ඉහළට

623

එංගලන්තයේ හා වේල්ස් ප‍්‍රාන්තයේ සිය නිවෙස්වලදී විවිධ හේතුන් මත මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉකුත් මාස 18ක කාලය තුළදී වැඩි වී ඇති බව එංගලන්ත ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.

මේ අනුව 2020 මාර්තු 07 වැනිදා සිට 2021 සැප්තැම්බර් 17 වැනිදා දක්වා කාලය තුළ දී එංගලන්තයේ හා වේල්සයේ සිය නිවෙස්වලදී මියගොස් ඇති සංඛ්‍යාව 70,602 දෙනෙකු බව එම කාර්යාලය පවසයි.

මෙම මරණවලින් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් මිය ගොස් ඇති පිරිස 8423 දෙනෙකි. මෙම මරණ සංඛ්‍යාවන් මෙයට පෙර ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට වාර්තා වී නොතිබූ මරණ වේ. මේ අතර වේල්සයේ පමණක් ඉකුත් ජුලි මාසයේදී පුද්ගලයන් 8200ක් දෙනා විවිධ හේතුන් මත සිය නිවෙස්වලදී මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment