සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතියෙන් අලිමානාවලින් කඩදාසි නිෂ්පාදනය හඳුන්වා දෙයි

80

සුවදායි භූමි දර්ශන ව්‍යාපෘති මගින් නව තාක්ෂණික කෘෂිකර්ම ක්‍රමවේදයන් භාවිතය සහ කෘෂිකර්මය සඳහා ජෛව විවිධත්වය ඵලදායී ලෙස යොදාගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් නව ආදායම් මාර්ගයක් (අලිමානා) යොදාගෙන කඩදාසි නිෂ්පාදනය හඳුන්වාදීම ආදිය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම උපදේශකවරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමක් හා ක්ෂේත්‍ර වැඩසටහනක් පසුගියදා පැවැත්වුණි. මෙහිදී අදහස් දැක්වූ සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති කළමනාකරු අජිත් සිල්වා මහතා කියා සිටියේ ආක්‍රමණික ශාක මගින් කඩදාසි නිෂ්පාදන හා ඒ ආශ්‍රිත නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් රට තුළට විනිමය ඉපයීමක් සිදුවන අතර ගමේ ආර්ථිකයට මනා පිටුවහලක් වන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් සිල්වා මහතා කියා සිටියේ රජරට ප්‍රදේශයේ බහුලව වැවෙන ආක්‍රමණික ශාක වන ජපන් ජබර, අලිමාන මගින් අගය එකතු කිරීමකින් පසු ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් ගෙනදෙන කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන කටයුතු කිරීම දැනට රට තුළ පවතින ආර්ථික අපහසුතාවන් මඟහරවා ගත හැකි බවයි. මෙම වැඩසටහන සඳහා පරිසර අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී දර්ශන ගුණරත්න මහතා ඇතුළු සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතියේ නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගි විය.

සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතියෙන් අලිමානාවලින් කඩදාසි නිෂ්පාදනය හඳුන්වා දෙයි


තලාව – වසන්ත බණ්ඩාර කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment