බාල වයස්කාර දරුවාට අතවර කළ අය අත්අඩංගුවට

215

කාලක් තිස්සේ බාලවයස්කාර පිරිමි දරුවකුට අතවර කළ පුද්ගලයකු 14 දා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

5 වසර පංතියේ ඉගෙනුම ලබන මෙම දරුවා මිත්තනිය භාරයේ තබා මව නිවෙසක වැඩ කිරීමට යන බවත් සැකකරුටද එම වයසේම දරුවකු සිටින බවත් පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා එකට අමතර පංතියකට යන බවත් නිවෙසට රැගෙන එන්නේ සැකකරුගේ යතුරුපැදියෙන් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු තම දරුවා යතුරුපැදියේ පිටුපස නන්වා ගන්නා අතර මෙම අපයෝජනයට ලක් දරුවා ඉදිරිපස නන්වා ගෙන එන අතර දරුවාගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කරමින් පැමිණෙන බව අණාවරනය වී තිබේ.

සැකකරු තම දරුවා වින්දිත දරුවාගේ නිවෙස අසලට කැඳවාගෙන ගොස් ඔහුට සරුංගල් යැවීමට සලස්වා මෙම දරුවාගේ නිවෙසට ගොස් කවුද සිටින්නේ කියා විමසා කිසිවකුත් නොමැති බව දැන ගෙන කුස්සියට කැඳවාගෙන ගොස් අතවර කර ඇති අතර ඒ බව දරුවා අසල්වැසි කාන්තාවක් සමඟ පවසා තිබෙන බවද අනාවණරය වී තිබේ.

මේ අනුව 13 දා සවස දරුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව 46 හැවිරිදි යාලගල, පෙතිගමුකන්දේ පදිංචි දෙදරු පියකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතග සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද ද සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක යන මහත්වරු ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරති.
ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment