මියන්මාර් හිටපු නායිකා සුකී රෝගාතුර වේ

574

මේ වන විට දූෂණ චෝදනා මත සිරගත කර සිටින මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී රෝගාතුරව සිටින බවත් ඇයට හදිසි ප්‍රතිකාර ලබා දෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද ඉල්ලීම මියන්මාරයේ හමුදා ජුන්ටා පාලකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සුකීගේ බාල පුත්‍රයා වන කිම් ඇරිස් පවසා තිබේ.

සිරගත කර සිටින 78 හැවිරිදි වියෙහි පසුවන මියන්මාරයේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සුකී දන්තාබාධයකින් මෙන්ම දරුණු විදුරුමස් රෝගයකින්ද, කරකැවිල්ලකින් හා අඩු රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටින බවත් ඇයට වැළඳී ඇති දන්තාබාධය හේතුවෙන් ආහාර අනුභව කිරීමටද නොහැකිව සිටින බව එංගලන්තයේ වාසය කරන ඇරිස් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. මෙසේ රෝගාතුරව සිටින සිරකරුවෙකුට ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය අහිමි කිරීම දරුණු ක්‍රියාවක් බවද සුකීගේ පුත්‍රයා පවසා තිබේ. කෙසේ වුවද මියන්මාරයේ හමුදා ජුන්ටාවේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ හිටපු මියන්මාර් නායිකාව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර හමුදා හා සිවිල් වෛද්‍යවරුන් ඇයව නිරතුරුව වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment