ඉතිහාසයේ පළමු වරට නුවරඑළියේ එළවළු මිල නහුතෙට නගී

454

පෑලියගොඩත් ගිනි ගණන්

ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තාගත අන්දමින් එළවළු මිල ඉහළ නැග ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (02 දා) පැවසීය.

ඒ අනුව ඊයේ කැරට් තොග කිලෝවක මිල රුපියල් 750 දක්වා ද, බීට්රූට් කිලෝවක මිල රුපියල් 380 දක්වා ද, ගෝවා කිලෝවක මිල රුපියල් 500 දක්වා ද, බෝංචි කිලෝවක මිල රුපියල් 600 දක්වා ද ඉහළ ගොස් තිබූ බව හෙතෙම කීය.

එසේම පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ද ඊයේ ඉතා අධික අගයක් ගත් බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින’ ට පැවසීය.

ඒ අනුව කැරට් තොග කිලෝවක් රුපියල් 500 කට ද, බෝංචි කිලෝවක් රුපියල් 600 කට ද, ගෝවා කිලෝවක් රුපියල් 400 කට ද, වම්බටු කිලෝවක් රුපියල් 500 කට ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 1100 කට ද, දෙහි කිලෝවක් රුපියල් 400 කට ද, තක්කාලි කිලෝවක් රුපියල් 650 කට ද, බී ලූනු කිලොවක් රුපියල් 400 කට ද අලෙවි කෙරුණු බව ඒ මහතා කීය.

එළවළු මිල ඉහළ යෑම හේතුවෙන් පැමිණෙන බොහෝ පාරිභෝගිකයන් හා සිල්ලර වෙළෙඳුන් එළවළු මිල දී ගැනීමෙන් වැළකී සිටින බව ද සභාපතිවරු දෙදෙනා කියා සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment