අච්චුවේලි මුහුදෙන් මළසිරුරක් හමුවෙයි

56

යාපනය අච්චුවේලී අක්කරෙයි මුහුදු වෙරළට පාවී ආ මළසිරුරක් අච්චුවේලී පොලිසිය විසින් ඉකුත් 9 දා සොයා ගෙන තිබේ. අච්චුවේලි පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අනුව මියගිය පුද්ගලයා යාපනයේ ගෙරුඩාවිල් ප්‍රදේශයේ පදිංචි කන්දසාමී සිවරාසා නමැති 75 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු මුහුදේ ගිලී මිය යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන නමුත් ඔහුගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment