මන්ත්‍රී අලි සබ්රි ගිය රිය අත් ට්‍රැක්ටරයක ගැටී අයෙක් රෝහලේ

228

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අත් ට්‍රැක්ටරයක වැදී අනතුරට පත්වීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලිසිය කියයි.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී 13 වැනිදා අළුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ. ඉහළ පුලියන්කුලිම – අළුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්. හර්ෂණ ප්‍රදීප් අනතුරින් තුවාල ලබා ඇත. තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෝටර් රථයකින් පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිට ඇත. එම දෙසටම ධාවනය වූ අත් ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත. තුවාල ලබා ඇත්තේ අත් ට්‍රැක්ටරය පදවා ගෙන ගිය අය බව පොලීසිය සදහන් කරයි. අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරු සාලියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ෂණ කටයුතු කරගෙන යයි.

පුත්තලම නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment