රට රස්සා දෙන මුවාවෙන් කාන්තාවක් මුදල් වංචා කරලා

71

මොනරාගල ප්‍රදේශයේ පදිංචි කිහිපදෙනකුට විදේශ රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් හැටදෙලක්ෂ විසිනවදහසක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකාර කාන්තාව කෝට්ටේ රජ මහ විහාර මාවතේ පදිංචි 55 හැවිරිදි අයෙකි. ඇය ගිය වසරේ ඔක්තෝබර් 25 වැනි දින සිට මේ වසරේ ජනවාරි 11 වැනි දින දක්වා මොනරාගල ප්‍රදේශයේ පිරිමි හා කාන්තා පුද්ගලයන් 13 දෙනකුගෙන් විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වරින්වර ඇයගේ බැංකු ගිණුමට මුදල් බැර කර ගෙන ඇතත් කිසිවකුටත් රැකියා ලබාදී නැත.

සිද්ධිය පිළිබඳව දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයකු පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත. මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විල්ෆ්‍රඩ් සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment