ගෙල සිරකර පෙර පාසල් දැරිය මරා බාප්පත් එල්ලී මැරේ

1052

සීදූව පොලිස් වසමට අයත් අංක 17 රද්දොළුව සීදූව ලිපිනයෙහි ඇති පාළු නිවසක් තුළ වයස හතරක පෙර පාසල් යන දැරිවියකගේ ගෙල සිරකර මරණයට පත්කර ඝාතකයා වන තම සුලුපියා ද එම නිවසේ බාල්කයක ගෙල වැලලා ගෙන මිය ගිය පුවතක් සීදූව පොලිසියෙන් අනාවරණය වෙයි.

එලෙස තම බාප්පා අතින් මරණය පත්ව ඇත්තේ මලීෂා සත්සරණි ප්‍රනාන්දු නැමැති වයස හතරක රද්දොළුව බතලවත්ත ප්‍රදේශයේ යසෝදරා පෙර පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි. නයිලෝන් නූලක් ආධාරයෙන් බාල්කයේ එල්ලී මියගොස් ඇත්තේ කච්චකඩුගේ ටෙරන්ස් මිල්රෝයි නමැති දරුවාගේ බාප්පා වන 45ක අවිවාහක නැත්තෙකි.

මෙම දැරිවියගේ මව වෙළෙඳ කලාපයේ සේවයට යන අතර පියා කම්කරු වෘත්තියේ නියෙළෙන්නෙකි. දැරිවිය කවා පොවා පෙර පාසල වෙත ගෙනියන්නේද නැවත ගෙදරට ගෙන එන්නේද, මෙකී තම බාප්පා විසිනි. එම පුද්ගලයා ද රෝගී තත්ත්වයෙන් සිටි කෙනෙක් වන අතර තම සොහොයුරාගේ නිවසේ ම එකට ම ජීවත් වූ කෙනෙක් බවද අනාවරණය කරගෙන ඇත.

පවුලේ ආරවුලක් මත මෙම සිදුවීම සිදුවී ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය පිළිබඳව ඉතිරි විමර්ශන මීගමුව කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ප්‍රසාත් සුභසිංහ මහතාගේ අධික්ෂණයෙන් සීදූව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජී.කුමාර, උපපොලිස් පරීක්ෂක මදුෂන්ක, පොලිස් කොස්තාපල් (27180) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (86069) රොෂාන්, පොලිස් කොස්තාපල් (104120) වීරසිංහ, යන කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වති.
නොමන් පලිහවඩන, ආනන්ද නිශ්ශංක – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment