iPhone 15 Abans වෙතින්

856

නවතම iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Max ස්මාට් ජංගම දුරකථන කාණ්ඩය වෙළඳපොලට හඳුන්වා දීමට Abans විසින් කටයුතු කර ඇත. දිගුකල් පවතින නිමාව, වර්ණවත් බැක් ග්ලාස් එක සහ වක්‍ර හැඩැති නිමාවකින් යුතු අග කොටස මෙන්ම Aerospace-Grade ටයිටේනියම් නිමාවකින් යුතු මෙය Pro මාදිලි අතර සැහැල්ලුම නිෂ්පාදනය වශයෙන් හඳුන්වයි. එමෙන්ම Mobile Gaming සඳහාද ඇදහිය නොහැකි සුපිරි ක්‍රියාකාරීත්වයක් මෙමගින් ලබා දෙයි. මෙහි ඇති කැමරා පද්ධතියෙන් අවම ආලෝක තත්වයක් යටතේ පවා මෙතෙක් අත් නොවිඳි අන්දමේ විශිෂ්ඨ Portrait ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම පස් ගුණයකින් සූම් කළ හැකි නවතම 5x Telephoto කැමරාවක් iPhone 15 Pro Max හි දැක ගත හැකි අතර Close-up ඡායාරූප ගැනීම, වනජීවී ඡායාරූප ගැනීම ඇතුලු කාර්යන් රැසක් එමගින් සිදු කළ හැක.

iPhone 15 සහ iPhone 15 Plus වර්ණවත් Back Glass එකකින්, මතුපිට Matte නිමාවකින් මෙන්ම වක්‍ර හැඩැති අග කොටසකින් සමන්විත පළමු ස්මාට් ජංගම දුරකථනය වශයෙන් හඳුන්වනු ලබයි. මෙම මාදිලි දෙකේම ඇති වැඩි දියුණු කළ කැමරා පද්ධතියෙන් අති විශිෂ්ඨ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ඇත. මෙහි 48 MP ප්‍රධාන කැමරාවක් දැක ගත හැකි අතර එමගින් සුපිරි මට්ටමේ High-Resolution ඡායාරූප ලබාගත හැක. නවතම 2x Telephoto විශේෂාංගයෙන් Optical Zoom මට්ටම් තුනක් ලබා දෙන අතර එය අති විශිෂ්ඨ ඡායාරූපකරණයක් සඳහා උපකාරී වෙයි. A16 Bionic හරහා ජංගම දුරකථනයට සුපිරි ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි. USB-C කනෙක්ටරය මෙහි දැක ගත හැකි අතර Find My Friends වෙතින් නිවැරදිව අවශ්‍ය සොයා ගැනීම සිදු කළ හැක. iPhone 15 සහ iPhone 15 Plus තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් වලින් ඉහළින්ම කැපී පෙනෙන සුවිශේෂී නිෂ්පාදනයක් වශයෙන් හඳුන්වයි.

iPhone 15 Pro සහ iPhone 15 Pro Max අඟල් 6.1 සහ 6.7 ඩිස්ප්ලේ ප්‍රමාණයන්ගෙන් ලබාගත හැකි අතර සැහැල්ලු ටයිටේනියම් නිමාවකින් සමන්විතයි.

advertistmentadvertistment
advertistmentadvertistment