මත් ජාවාරම්කරුවකුගේ හිතවතෙකු අත්අඩංගුවට

235

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ශිරාන් බාසික්ගේ’ සමීපතමයෙක් හෙරොයින් සමග විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ් අවස්ථාවේදී ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික්ද සිට ඇති අතර ඔහු පළාගොස් ඇති බව පොලීසිය පැවසීය. කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සැකකරු ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ පරිශ්‍රයකදීය.සැකකරු පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකුද අනතුරට ලක්කරමින් පළායෑමට උත්සාහ කර තිබේ.පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී සැකකරු සමග ශිරන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික් නැමැත්තාද සිට ඇති බවය.පසුව ඔවුන් මෝටර් රථයෙන් බැස දිවයන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.එම අවස්ථාවේදී ඔවුන් පසුපස හඹායන නිලධාරීන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්තද ඒම රූපරාමුවල සිටින ශිරාන් බාසික් නැමැත්තාගේ පුත්‍රයා පළාගොස් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ තුනක යතුරු තිබී ඇති අතර ඒ්වා පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් හා විදෙස් මුදල් තොගයක් ද සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment