දැරියකගේ ඝාතනයට සැක පිට මුරකරු අත්අඩංගුවට

456

තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට දැරියගේ මළ සිරුර හමු වූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.දුෂණයට ලක් කර ඝාතනය කළ බවට සැක කෙරෙන දැරියගේ මළ සිරුර ඊයේ (16) පෙරවරුවේ දැරියගේ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමක තිබී සොයාගෙන තිබිණි.පසුගිය 15 වැනිදා නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසලකට ගිය දැරිය යළි නොපැමිණීම සම්බන්ධයෙන් ඇයගේ මිත්තණිය තලෙයිමන්නාරම පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබුණි.ඒ අනුව පොලීසිය සිදු කළ විමර්ශනයක දී ඝාතනයට ලක් වූ දැරියගේ මළ සිරුර සොයා ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment