විශ්‍රාම යන වයස සංශෝධනය වෙයි:

392

අවුරුදු 59 දොස්තරලා ඉපදුනේ ජනවාරි – ජුනි 30 අතර නම් ජුනි 30 තෙක් සේවයට අවස්ථාව

වෛද්‍යවරුන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර තිබේ.

එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වැනි දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුය.

මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේදී විශ්‍රාම ගත යුතු අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්විය යුතු වේ.

අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු අතර වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවට නව සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත.

එසේ වුව ද ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වැනිදා දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ.

ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාවේ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ.

මෙම සංශෝධනයන් ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment