සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්‍ෂණ 2 දා සිට 12 දා තෙක්

207

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 (2023) සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්‍ෂණ 2023 අගෝස්තු 02 සිට අගෝස්තු 12 දක්වා පැවැත්වේ.

සංගීතය (පෙරදිග) සංගීතය (අපරදිග) සංගීතය (කර්නාටක) නැටුම් (දේශීය) නැටුම් (භරත) නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රිසි) යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ දිවයින පුරා පිහිටුවන පරීක්‍ෂණ මණ්ඩලවලදී පැවැත්වෙයි.

පෙර වර්ෂයන්හි පැවැති ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවරද එම ක්‍රමවේදයම අනුගමනය කරනු ලබයි. පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලස්වනු ඇත.

මේ සම්බන්ධයෙන් 1911, 0112784208, 01127845 37, 0112786616 යන අංකවලින් විමසීම් කළ හැකිය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment