බදුල්ල මහියංගන බස් අනතුර රියැදුරු දක්ෂතාවෙන් වැළකේ

244

බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී ඊයේ (05) දහවල් 12.00 ට පමණ සිදුවීමට ගිය මහා බස් අනතුරක් වළක්වා ජීවිත බොහොමයක් බේරා ගැනීමට එහි රියැදුරා සමත් විය.

අනතුරට මුහුණ දුන්නේ මහියංගන ඩිපෝවට අයත් බස් රථයකි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 60 කට අධික මගීන් සංඛ්‍යාවක් ගමන් ගත් අතර දුන්හිඳ පල්ලම ප්‍රදේශයේදී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බව දැනගත් එහි රියැදුරා බස් රථයේ වේගය කෙසේ හෝ පාලනය කරගැනීම සඳහා ධාවනය වන බසයේ රෝදවලට ගල් තබන ලෙස කොන්දොස්තර මහතාට පවසා ඇතත් එම ගල් මතින් ද බස් රථය ධාවනය වෙමින් ඉදිරියට ගමන් ගෙන ඇති අතර අවසානයේ බස් රථය පල්ලමක් අයිනේ තිබූ වේල්ලකට හරවා නවතා ගෙන ඇත.

අනතුරෙන් බසයේ ගමන් ගත් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර බසයේ ඉදිරිපස කොටසට පමණක් හානි සිදුව ඇත.

බස් රථය නවතා නොගන්නට ඊට පහළින් පිහිටි මීටර් සියයකටත් වඩා අධික ප්‍රපාතයට පෙරළී ගියේ නම් මහා අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව බසයේ ගමන් ගත් මගීහු පැවසූහ.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment