ජිනීවා නිහඬ ඇයි – කුරාණයට ගිනිතැබීම හෙළාදකිමු – ජනපති කියයි

478

ආගම් ඇදහීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් ස්වීඩනයේ දී කුරානයට ගිනි තැබීම දැඩිව හෙළා දකින බවත් මෙම සිද්ධියට එරෙහිව ලබන 13 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පකිස්තානය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවට ශ්‍රී ලංකාව ද සහය පළ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කිරීමක් වන අතර නැමදීම පරම අයිතියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාව ප්‍රශ්න කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ඔබට සියල්ලම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස සැලකිය නොහැකියි. එහි සීමාවන් තිබෙනවා. මෙය පැහැදිලිවම නමස්කාරයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. කුරානයේ බොහෝ වැදගත් දේ තිබෙන බව මා හිතනවා” යැයි ද සඳහන් කරයි.

මානව හිමිකම් බටහිරට පමණක් සීමා කළ නොහැකි බව ද එය සමස්ත ගෝලීය වශයෙන් සියල්ලටම පොදු වූ එකක් බව ද තමා බෞද්ධයකු ලෙස ලොව සියලු ආගම්වලට ගරු කරන බව ද ඒ සෑම ආගමකම අවසානයේ වඩා යහපත් දේ අඩංගු වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment