නවසීලන්තයේ වසර 2008න් පසු ඉපදුනු දරුවන්ට දුම්පානය තහනම්

461

වසර 2008න් පසු ඉපදුනු කිසිවෙකුට ඔවුන්ගේ ජීවිතකාලය තුළදී දුම්වැටි (සිගරට්) හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

 2008 වසරෙන් පසු උපත ලැබූ කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමේ නීතිය ලබන වසරේදී (2022) ක‍්‍රියාත්මක කරන බව නවසීලන්ත සෞඛ්‍ය ඇමතිනි වෛද්‍ය අයේෂා වෙරාල් පවසන්නීය. නව නීතිය යටතේ වයස අවුරුදු 14 හෝ එයට අඩු කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කෙරෙන අතර එම වයස් කාණ්ඩයට දුම්වැටි අලෙවි කිරීමද අලෙවි සමාගම්වලට තහනම් වේ. ‘තරුණ ජනගහනය දුම්පානයට යොමු වීම වැළැක්වීම සඳහා මෙම නීතිය ගෙන එන බව පෙන්වා දී ඇති නවසීලන්ත සෞඛ්‍ය ඇමැතිනිය දැනට සියයට 13ක්ව පවතින නවසීලන්තයේ දුම්පානයට ඇබ්බැහි වී සිටින වැඩිහිටි ජනගහනයේ ප‍්‍රතිශතය වසර 2025 වන විට සියයට 5ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව අවධාරණය කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment