ජල ප්‍රහාරවලට ගන්නෙත් පිරිසිදු විතරයි කඳුළු ගෑස් සැකනම් ඔප්පු කර පෙන්වන්න

117

ඩී.අයි.ජී. ගෙන් අභියෝගයක්

උද්ඝෝෂණ සහ පෙළපාලිවලදී පොලිසිය භාවිතා කරන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පිළිබඳව කිසිවකුට සැකයක් ඇත්නම් එම සැකය සත්‍යයක් බවට ඔප්පු කර පෙන්වන ලෙසට අභියෝග කරන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්‍ද්‍රකුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

කඳුළු ගෑස් උණ්ඩ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන බවත්, ඒවා ආනයනය කරනු ලබන බවත් පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජල ප්‍රහාර සඳහා යොදාගන්නේ පිරිසිදු ජලය යැයි ද කීවේය.

කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව විවිධ පුද්ගලයන් කුමක් පැවසුව ද උද්ඝෝෂණයක් පාලනය කිරීම සඳහා කටයුතු කිරීම පොලිසියේ රාජකාරියක් බව ද ඔහු කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment