ලොක්ඩවුන් දින 50 යි

54

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරනු ලැබූ නිල් සංජීව සහ සංගීත් අල්ගම නිෂ්පාදනය කළ පසුගිය සැප්තැම්බර් මස 01 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළ ලොක් ඩවුන් සිනමා පටය මෙම මස 22 වැනිදාට අතිසාර්ථක ලෙස දින පනහ සම්පූර්ණ කර ඇත.

රොෂාන් රණවන, චුලක්ෂි රණතුංග, අශ්ලි ලියානා, කුමාර තිරිමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ, කුමාර වඳුරැස්ස, කුසල් මධුරංග, ධනංජි තාරුකා ඇතුළ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ. මෙහි කතාව, දෙබස් සහ තිර රචනය ද සුනිල් ප්‍රේමරත්නගෙනි. ලොක්ඩවුන් ඉදිරිපත් කිරීම එස්. 3 මූවි ක්‍රියේෂන් වන අතර සුනිල් ටී. ෆිල්ම්ස් බෙදා හැරීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment