බම්බලපිටිය සිරි වජිරාරාමය

127

බම්බලපිටිය සිරි වජිරාරාමයේ වප් පුන් පොහෝදා පිංකම් මෙම 28 වැනිදා දවස පුරා පැවැත්වීම විහාරාධිපති අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. එදින දම් දෙසුම් හා පූජාවන් සිදුකිරීමට වේරදූවේ මහින්ද හිමි, කිරම රාහුල හිමි, රාජාංගනයේ සීලවිමල හිමි, කඹුරුගමුවේ මහානාග හිමි, මීගොඩ සූඛිීත හිමි, පිටිපන ශාසනරතන හිමි, කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි සිදුකරති.

මේ අතර එම විහාරස්ථානයේ කඨින පූජා මහෝත්සවය 28, 29 යන දිනවල පැවැත්වේ.
2023 ඔක්. 28 දින (වප් පෝය) සවස 5.30 ට අටවිසි බුද්ධ පුජාව, චෛත්‍ය කඤ්චුක පුජාව සහ සෙත් පිරිත් සජ්ඣායනාව

2023 ඔක්. 29 දින අලුයම 4.30 ට වැල්ලවත්ත Y.M.B.A. ශාලාව අසලින් කඨින පූජා පෙරහැර ආරම්භය

2023 ඔක්. 29 දින උදෑසන 6.00 ට කඨින චිවරය සඟ සතු කොට පිදීම, ධර්ම පුස්තක පුජාව සහ හීල් දානය

2023 ඔක්. 29 දින සවස 5.30 ට සම්බුද්ධ පුජාව, වස්ආවාසික චීවර පුජාව සහ කඨිනානිසංස ධර්ම දේශනාව

මෙම මහානීය පිංකම් මාලාව සඳහා සැදැහැවත් ඔබ සැමට කරුණාවෙන් ආරාධනා කරමු.

සිරි වජිරාරාම කාර්ය සාධක සමිතිය, ශාසන ශ්‍රාවිකා සමිතිය, සිරි වජිරාරාම දහම් පාසල පිංකම් මෙහෙයවති.

බම්බලපිටිය සිරි වජිරාරාමය
advertistmentadvertistment
advertistmentadvertistment