පොලිස්පති පුටුව දින 8ක් තිස්සේ හිස්

425

පොලිස්පතිවරයා විශ්‍රාම ගොස් දින 8 ක් ගතවී ඇතත් මෙතෙක් නව පොලිස්පතිවරයකු පත්කර නොමැත.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් ජුනි 25 වැනිදා සිට පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගොස් ඇති අතර ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පති තනතුර සඳහා රජය විසින් ඊයේ (03 දා) වනතුරුත් කිසිදු නිලධාරියකු පත්කර නැත.

36 වැනි පොලිස්පති ලෙස පත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු සුදුසුකම් ලබා සිටිති. පොලිස්පතිවරයකු පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිලධාරීන් තිදනකුගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කළ යුතු නමුත් මේ වන තෙක් එසේ නම් යෝජනා කිරීමක් සිදු කර නැතැයි පැවසේ.

මේ අතර චෝදනා එල්ල වී නොමැති පුද්ගලයකු නව පොලිස්පති ධුරයට පත්කරන ලෙස සිවිල් සංවිධාන සහ විවිධ පාර්ශ්වයන්ගෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment