ඉරානයට උණුසුම් නිවාඩු

200


ඉරානයට මේ වනවිට අසාමාන්‍ය උණුසුම් කාලගුණයක් පවතින බැවින් එරට රජය අද (02) සහ හෙට (03) යන දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අමතරව වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු යැයි ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති අතර එරට කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් ඇති බවය.

දැඩි උණුසුම නිසා රෝගී වන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇතැයි ඉරාන රජය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment