මසක් ඇතුළත 40,000 ක් පාස්පෝට් අරන් – ආගමන විගමන පාලක කියයි

426

ඉකුත් මාසයේදී විදෙස් ගතවීමේ අරමුණින් පුද්ගලයන් හතළිස්දහසකට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත‍්‍ර (පාස්පෝට්) ලබාගෙන ඇතැයි ආගමන විගමන පාලක සරත් රූපසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

මෙලෙස විදෙස් ගමන් බලපත‍්‍ර ලබාගැනීමේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබුණත් වසංගතය නොමැති කාලයේදීත් මාසයකට ගුවන් ගමන් බලපත‍්‍ර 40,000 ත් 50,000 ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගතය නිසා වරින්වර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු නතරවීමත්, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සංචරණ සීමා පැනවීමත් යන කාරණා නිසා ගුවන් ගමන් බලපත‍්‍ර (පාස්පෝ්ට්) ලබා ගැනීමට නොහැකිව සිටි අය රට විවෘත කළ සැණින් එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පැමිණීම හේතුවෙන් බැලූ බැල්මට ලොකු උනන්දුවක් දක්නට ලැබුණ බව ද ආගමන විගමන පාලක සරත් රූපසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලයේදී එක්දින සේවාව යටතේ පාස්පෝට් 15,889 ක්, සාමාන්‍ය සේවා යටතේ පාස්පෝට් 1999 ක් හා පිටරටවල සිට ඉල්ලූම් කළ අය සඳහා පාස්පෝ්ට් 4251ක් නිකුත් කර ඇත. ඒ අනුව එම දින 18 දී අලූතින් පාස්පෝට් 22139ක් නිකුත් කර ඇත. ඉකුත් මස 18 වැනිදායින් පසු ගෙවී ගිය කාලයේදී ද මේ ආකාරයට පාස්පෝට් 1200 ක් 1400 ක් පමණ දෛනිකව නිකුත් කර තිබේ. රට අතහැර විදේශ ගතවීමේ විශේෂ උනන්දුවක් මෙමගින් නොපෙන්වන බව ද ඒ මහතා කීය.

මේ කාලයේදී ගී‍්‍රන්කාඞ්වලට ඉල්ලූම් කරන පිරිස මෙන්ම වසංගත කාලයේදී මෙරට පැමිණි ලක්‍ෂ දෙකක් පමණ වන විදෙස්ගතව සිටි ශ‍්‍රමිකයන් හා ශිෂ්‍යයන් මෙන්ම අලූතින් මැදපෙරදිග ඇතුළු රැුකියාවලට යන අයද ගුවන් බලපත‍්‍ර ලබා ගන්නට ඇතැයි පාලකවරයා විශ්වාසය පළකර සිටී. මීට අමතරව විදේශවල වෙසෙන දරුවන් බැහැදැකීම සඳහා මෙන්ම සංචාරය සඳහා රටවල් විවෘත කිරීමත් සමඟ මේ අය පාස්පෝට් ලබාගන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව ද ඒ මහතා කීවේය.

රට වසාදමා යළි විවෘත කළ පසු ජනතාවගේ අවශ්‍යතා මත යම් යම් අංශවලට විශාල පිරිසක් පැමිණීම පිළිබඳ එකඅතකට පුදුම විය යුතු නැති බවත් විවිධ අය විවිධ අරමුණින් මේ තත්ත්වය විග‍්‍රහ කළත් එහි විශේෂත්වයක් නැති බවත් ආගමන විගමන පාලකවරයා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment