අගෝස්තු මසට කොළඹින් මරණ පරීක්‍ෂණ 300 ක්

119

2021 අගෝස්තු මාසයේදී පමණක් කොවිඞ් ආසාදිත රෝගීන්ගේ මරණ පරීක්‍ෂණ 300 ක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේදී සිදුකර ඇතැයි කොළඹ නාගරික අතරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට ඊයේ (5 දා) පැවසුවාය.

එසේම මෙරට කොවිඞ් ආරම්භයේ (2020 මාර්තු සිට) මේ දක්වා කාලය තුළ කොවිඞ් ආසාදිත රෝගීන්ගේ මරණ පරීක්‍ෂණ 1170 ක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේදී සිදුකර ඇතැයිද ඇය සඳහන් කළාය.

කොවිඞ් ආසාදිත රෝගීන්ගේ මරණ පරීක්‍ෂණ 300 ක් සිදුකළ අගෝස්තු මාසයේදී දිනකට කොවිඞ් රෝගීන්ගේ මරණ පරීක්‍ෂක 30ක් පමණ සිදුකළ බවද ඇය කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment