ඉන්දියාව ඩ්‍රෝන යානා මගින් කොරෝනා එන්නත් බෙදයි

69

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලවලට ළඟා විය නොහැකි දුෂ්කර ප‍්‍රදේශවලට ඩ්‍රෝන යානා මගින් කොරෝනා මර්දන එන්නත් බෙදා හැරීමට පියවර ගෙන තිබේ. ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත්කරණය තවත් වේගවත් කිරීමේ අරමුණින් වාණිජමය ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉකුත් සඳුදා (04දා) සිට මෙම කොරෝනා මර්දන එන්නත් ඊසාන දිග ඉන්දියාවේ පිහිටි කඳුකර ප‍්‍රාන්තවලට බෙදා හැරීම සිදු කෙරෙන බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන වෛද්‍ය සමිරාන් පන්ඩා පවසයි.

 මේ අනුව ඉකුත් සඳුදා ඊසානදිග ඉන්දියාවේ පිහිටි මනිපුර් ප‍්‍රාන්තය වෙත ප‍්‍රථම කොරෝනා මර්දන එන්නත් තොගය ඩ්‍රෝන යානා මගින් බෙදාහැරීමට පියවර ගෙන තිබේ. මෙම කොරෝනා මර්දන එන්නත් ප‍්‍රවාහනය කෙරෙන ඩ්‍රෝන යානයකට එකවර එන්නත් මාත‍්‍රා 900 ක් පමණ එනම් කිලෝග‍්‍රෑම් 4.5ක පමණ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කළ හැකි අතර වෙනත් වාහනවලින් පැය 4 ක පමණ කාලයක් ගත වන ගමනාන්තයකට විනාඩි කිහිපයකින් ළඟා විය හැකි බව ඉන්දීය බලධාරීහු පවසති. ඉන්දීය රජය විසින් මෙම වසර අවසන් වන විට කොරෝනා එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලූ දෙනා සඳහා එම එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති අතර එම ඉලක්කය වෙත ළඟා වීමට නම් දැනට වඩා වේගවත්ව කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතු බව විශේෂඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment