ව්‍යාජ ලොකු ලූනු බිජ නිසා අමාරුවේ වැටුණු ගලෙන්බිඳුනුවැව ගොවීහු උද්ඝෝෂණ කරති

110

ලංකා ලොකු ලූනු බීජ බව පවසා අඩු මුදලට ගත් ලූනු බීජ ව්‍යාජ ඇසුරුම්වල යොදා වැඩි මුදලට අලෙවි කළ ගලෙන්බිඳුනුවැව කෘෂිකර්ම උපදේශන නිලධාරීන් නිසා ලොකු ලූනු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව පවසමින් ගලෙන්බිඳුණුවැව නගරය මැද ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව පෙරුට්ටුපොලගම, දුටුවැව 11 සහ 12 කොටස ගැටලාව, හුරුලූගම, කිවුලේකඩ ඇතුළු ගම්මාන රැුසක් වී වගාවට දෙවැනි නොවන පරිදි පසුගිය යල කන්නයේ ලොකු ලූනු වගාව සිදුකර ඇත්තේ දැනට මාස හතරකට පමණ ඉහතදීය.

සෑම වර්ෂයකම ස්වභාවික විපතක් හැරෙන්නට ලොකු ලූනු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙළන දුටුවැව පෙරටුපොලගම ඇතුළු ගම්මාන රැුසෙහිම ලොකු ලූනු ගොවීන් මෙම තත්ත්වයට පත්කර ඇත්තේ ස්වභාව ධර්මය නොව ගොවිතැන පිළිබඳව සහ ගොවියා පිළිබඳව වගකිය යුතු රාජ්‍ය ආයතනයක් වන ගලෙන්බිඳුනුවැව කෘෂිකර්ම උපදේශන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බවද ගොවීහු පැවසූහ.

එදින ගලෙන්බිඳුණුවැව සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි දිස්ත‍්‍රික් ලේකම්වරයා හමුවීම සඳහා විරෝධතාකරුවන්ට අවස්ථාව උදාවිය.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment