පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘කෘෂිකාර්මික තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය’ හදාරා ඔබගේ ජීවිතය ජයගන්න

43

ඔබ උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක්ද?, විද්‍යා විෂය ධාරාව යටතේ අනාගතයේ කුමන ක්ෂේත්‍රයක් කරා ගමන් කළ යුතුදැ‘යි නිශ්චිත අරමුණකින් තොරව සිටින්නෙක්ද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ක්‍රියාත්මක කරන ‘කෘෂිකාර්මික තාක්‍ෂණය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය‘ ලබා ගනිමින්, ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නා ලෙස අපි ඔබට ආරාධනය කරමු.

වසර 75 ක විශිෂ්ටත්වය සමගින් අපගේ දියමන්ති ජුබිලිය සමරන මේ මොහොතේදී කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර හා සම්බන්ධව නව උසස් අධ්‍යාපනික පාඨමාලා හඳුන්වාදීම අතින් අපි ඉදිරියෙන්ම සිටින බව සිහිපත් කිරීමට කැමැත්තෙමු. උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කර ඇති අපගේ මෙම පාඨමාලාව, විද්‍යාව, සමාජ විද්‍යාව සහ ඒ ආශ්‍රිත හොඳ ම භාවිතයන් මුසු කර ගනිමින්, කෘෂිකර්මාන්තය පිළිබඳ සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය පුළුල් විෂය මාලාවක් හඳුන්වාදී ඇත.

සිසු සිසුවියන් වඩාත් කැමති විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ලබාදීම මෙම පාඨමාලාවේ විශේෂත්වයක් වන අතර, ‘කෘෂිකාර්මික තාක්‍ෂණය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය‘ හදාරන අතරතුර, ඔබට අපගේ අධ්‍යයන අංශයට අයත් දෙපාර්තමේන්තු 8 විසින් පිරිනමනු ලබන විවිධාංගීකරණය වූ අනෙකුත් විෂයයන් ගවේෂණය කිරීමේ අවස්ථාව හිමි වීමද විශේෂිතය.

මෙහිදී ඔබ විද්‍යාත්මක වශයෙන් ඔබ ලබා ගන්නා ප්‍රවීණත්වය අනාගත ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා හැකියා වර්ධනය කරන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. විද්‍යාව, අධ්‍යාපන, කර්මාන්ත සහ සිවිල් සේවා යන ක්ෂේත්‍ර ආශ්‍රිත ඉහළ පෙළේ සමාගම්වල ප්‍රමුඛ තනතුරු දරන අපගේ ආදි ශිෂ්‍යයෝ, මෙම උපාධිය හරහා ඔබට සාර්ථකත්වයට පත් විය හැකි ක්ෂේත්‍ර පිළිබඳව සාක්ෂි සපයති.

ශාස්ත්‍රීය දැනුමට මෙන් ම ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කිරීමට ද මුල් තැන ලබා දෙන අප, අපගේ උපාධිධාරීන් නවීන ලෝකයේ රැකියා සඳහා අවශ්‍ය නිපුණතාවලින් සන්නද්ධ කිරීමට කටයුතු කරන අතර, ඔවුන්ට උපාධිය ලැබීමෙන් පසු වසරක් ඇතුළත රැකියා අවස්ථාවක් ලබා ගැනීමට ඇති හැකියාව ප්‍රතිශතයක් ලෙස ගත් කල 97%කි.

එබැවින්, විද්‍යාව පිළිබඳ ඔබ තුළ ඇති කැමැත්ත වෘත්තීයමය අවස්ථාවක් බවට පත් කර ගැනීමට ඔබ සූදානම් නම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් දියත් කරන අපගේ මෙම සුවිශේෂී උපාධි පාඨමාලාව හා එක් වන ලෙස අපි ආරාධනය කරමු. විද්‍යාව තුළින් නවෝත්පාදනයන් කරා ගමන් කරන ඔබගේ සාර්ථකත්වයේ ගමන මෙතැනින් අරඹන්න. ඔබත් අද ම අපගේ ‘කෘෂිකාර්මික තාක්‍ෂණය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව‘ තෝරා ගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment