ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන්පදක්කම් දෙකක්

278

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන්පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.ඒ අනුව 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත්වී තිබේ.

ඔහු එම දක්ෂතාවය දක්වා තිබුණේ තත්පර 11.63 වාර්තා කරමිනි.

පැරා ක්‍රීඩා උළෙලේ T46 මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත්විය.

T46 මීටර් 1500 ඉසව්ව නිමකිරීමට ප්‍රදීප් සෝමසිරි ගතකළ කාලය මිනිත්තු 4:05.14 කි.
 

advertistmentadvertistment
advertistmentadvertistment