කටුනායක අනතුරින් මියගිය ඇමති ආරක්ෂක අනුරාධගේ අවසන් කටයුතු අද

459

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සමග මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි මහතාගේ දේහය මේ වනවිට අංක 31/2, මරවනාගොඩ, හෑදෙනිය, වැරැල්ලගම යන නිවසේ තබා ඇත. දරුවන් දෙදෙනකුගෙන් සමන්විත වූ මොහුගේ පවුලේ ලාබාල දියණිය මාස 10 වනවිට හදිසියේ මියගොස් ඇති අතර ලොකු පුතුගේ වයස අවුරුදී 11ක් වේ. ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ද නියමිතය. මොහුගේ බිරිඳ හෙද නිලධාරිනියකි. ඒ මහතාගේ අවසන් කටයුතු අද (27 දා) හෑදෙනිය, මරවනාගොඩ ප්‍රදේශයේ දී සිදු කිරීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

දුවගේ දානයට නිවාඩු අරන් එනවා කියා ගිය අයියාට මෙහෙම වෙයි කියා හිතුවේ නෑ – පොලිස් කොස්තාපල්වරයාගේ මස්සිනා

අවුරුදු 7ක කාලයක් තිස්සේ සනත් ඇමැතිතුමා ළඟ තමයි අයියා සේවය කළේ. එදා රෑ 11.00ට විතර අයියා අක්කාට කතා කරලා තිබුණා. ඒ වෙලාවේ අක්කා රෝහලේ වැඩ කරමින් තමයි ඉඳලා තියෙන්නේ. අයියාට මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ.

අයියා කා එක්කත් සහෝදරත්වයෙන් සමගියෙන් සිටි කෙනෙක්. එයා හරිම හොඳ කෙනෙක්. පොඩි දුවට මාස 10ක් වෙද්දී හදිසියේ මියගියා. ලොකු පුතාට දැන් අවුරුදු 11යි. මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. අයියා නිවාඩු ඇවිත් දවස් කිහිපයක් ගෙදර ඉඳලා 23 වැනිදා තමයි වැඩට ගියේ. දුවගේ දානයට තව සතියයි තියෙන්නේ. ඒකට නිවාඩු අරගෙන එනවා කියලා ගිය කෙනා තමයි මේ විදියට අද අපිව දාලා ගිහින් තියෙන්නේ…’ යැයි පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment